P R E S I D E N T S F U N D
  • info@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

නැත. රෝගියා වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක. පවුලේ වෙනත් සාමාජිකයෙකු නොමැති නම් සමීප ඥතියෙකුට ඉල්ලුම් කල හැකිය.

  1. ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය මගින් (www.presidentsfund.gov.lk )
  2. ජනාධිපති අරමුදල් කාර්යාලයට පැමිණ
  3. තැපැල් මගින් ලබා ගත හැක (ජනාධිපති අරමුදල් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් යොමු කිරීමෙන්)

කාර්යාලය අංක 35, 3 වන මහල, ලේක් හවුස් ගොඩනැගිල්ල, ඩී.ආර්.විජේවර්ධන මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටා ඇත. (වැඩි විස්තර සඳහා මාර්ග සිතියම  බලන්න)

සතියේ වැඩ කරන ඕනෑම දිනයක පෙ.ව. 8.30 ත් ප.ව. 4.15 ත් අතර

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ග්‍රාම නිලධාරි නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිත ආදායම් වාර්තාව (අත්සන සහ නිල මුද්‍රාව සහිත)
  3. නිසි පරිදි සම්පූර්ණ කරන ලද වවුචරය (අවශ්‍යතාවයක් ඇතිවුවහොත් උපයෝගී කරගැනීම සඳහා )
  4. වෛද්‍ය නිර් දේශයේ මුල් පිටපත
  5. අදාල රෝහලින් ලබා ගත් ඇස්තමේන්තුව
  6. අදාල රෝගියා / අයදුම්කරු විසින් වෛද්‍යාධාර ඉල්ලුම්කර ජනාධිපති අරමුදල වෙත කරනු ලබන ඉල්ලීම සහිත ලිපියක්
  7. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද මුදල් බැරවිය යුතු බැංකු පොතේ (අවශ්‍යතාවයක් ඇතිවුවහොත් උපයෝගී කරගැනීම සඳහා) සහ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් එක බැගින්

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. වෛද්‍ය නිර් දේශයේ මුල් පිටපත
  3. ග්‍රාම නිලධාරි නිර්දේශය හා ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය සහිත ආදායම් වාර්තාව (අත්සන සහ නිල මුද්‍රාව සහිත)
  4. නිසි පරිදි සම්පූර්ණ කරන ලද වවුචර් පත්‍රය
  5. රෝහලින් නිකුත් කරන ලද රිසිට්පත් /බිල්පත්වල මුල් පිටපත් හා අවසාන බිල්පතෙහි පමණක් ඡායා පිටපතක්
  6. සැත්කම සිදු කරන ලද වෛද්‍යවරයා විසින් නිකුත් කරනු ලබන රෝග නිශ්චය වාර්තාවේ පිටපතක්(Diagnosis report / Discharged Summary).
  7. අදාළ රෝගියා / අයදුම්කරු විසින් වෛද්‍යාධාර ඉල්ලුම්කර ජනාධිපති අරමුදල වෙත කරනු ලබන ඉල්ලීම සහිත ලිපියක්
  8. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද මුදල් බැරවිය යුතු බැංකු පොතේ සහ ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත් එක බැගින්

සැත්කම/ප්‍රතිකාරය සිදුකර ගෙන රෝහලෙන් බැහැරවු දින සිට දින 60 ක් ඇතුළත ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය. (සතිඅන්ත දින හා රජයේ නිවාඩු දිනයන් ද ඇතුළුව)

අදාළ මුදල් රෝගියාගේ බැංකු ගිණුමට බැර වනු ලබන අතර ඒ බව රෝගියා වෙත කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දෙනු ලැබේ.

ජනාධිපති අරමුද‌ලින් මූල්‍යාධාර ලබාදෙනුයේ ප්‍රධාන වශයෙන් පහත සඳහන් රෝග සඳහාය. [ මූල්‍යාධාර ලබාදෙනු ලබන රෝග  ]

  1. හදවත් සැත්කම් (Heart Surgeries)
  2. වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් හෝ රුධිර කාන්දුකරණය (Kidney Transplantation or Dialysis)
  3. මොළයේ සැත්කම් (Brain Surgeries)
  4. පිළිකා ප්‍රතිකාර (Cancer Treatment/drugs/Injections)
  5. ඇට මිදුළු බද්ධ කිරීම (Bone Marrow Transplantation)
  6. උකුල් /දණහිස්/උරහිස් සහ වැලමිට සන්ධි බද්ධ කිරීම් (Hip/Knee/Shoulder/Elbow Replacements)
  7. කර්ණ සංඛ බද්ධ කිරීමේ සැත්කම (Cochlear Implant surgery)
  8. කොඳු ඇට පෙළ විකෘති වීම (පැතිකුදය) නිවැරැදි කිරීම  (Scoliosis)
  9. කොඳු ඇට පෙළ තෙරපුම සඳහා (Spinal Cord Compression)
  10. කෘතිම පාද/අත් මිළදී ගැනීම සඳහා  (Artificial Limb prosthesis)
  11. තැලසීමියා රෝගීන්ට (ආසේවන පොම්පය මිළදී ගැනීමට) (Infusion Pump)
  12. අක්මා බද්ධ කිරීම (Liver Transplant)
  13. අක්ෂි සැත්කම් (විදේශීය රෝහල් සඳහා) Eye Surgery (Foreign Hospitals)
  14. අක්මාව තුල හටගන්නා පිළිකා තත්ත්වය මර්ධනය කිරීම සඳහා ප්‍රතිකාර (Trans Arterial Chemoembolization-(TACE))
  15. පෙනහළු අකර්මන්‍යතා සඳහා ස්වසන උපකරණ ලබාදීම. (Respiratory Equipment)

සැත්කම/ප්‍රතිකාර සිදුකර ගැනීමට පෙර ඒ සඳහා ගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලද පසු රෝහලට ඇතුලත්වීමේ ස්ථිර දිනය ජනාධිපති අරමුදලට ඉදිරිපත් කිරීමෙන් පසු වගකීමේ ලිපිය, රෝහලට හෝ උපකරණ ලබා ගන්නා ආයතනය වෙත ලබා දෙනු ලැබේ.

පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වගකීමේ ලිපිය රෝහලට ඇතුලත් වීමට දින 30කට පෙරද, අනෙකුත් රෝගීන්ගේ සැත්කමට දින 14 ක්  ඇතුළත වගකීමේ ලිපිය ලබා ගත හැක.

වෙනත් විශේෂ හේතුවක් නොැමැතිනම් හා රෝගියා නිසි පරිදි සියලු ලේඛනද සමඟ අයදුම්පත භාරදී ඇත්නම් ගෙවනු ලබන කාලය දින 3 – 5 පමණ විය හැකිය.

ප්‍රාදේශීය/දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක්  ලබා ගැනීමෙන් අනතුරුව තීරණයකට එළඹෙනු ඇත.

Top