P R E S I D E N T S F U N D
  • info@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

2022 (2023) වර්ෂයේ දි පවත්වන ලද අ.පො.ස.(සාමාන්‍ය පෙළ ) විභාගයේ ප්‍රතිඵල මත අ.පො.ස. (උසස් පෙළ) හදාරන ශිෂ්‍ය/ශිෂ්‍යාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මඟින් පිරිනමන ශිෂ්‍යත්ව සඳහා නිර්දේශිත නාම ලේඛනය

අධ්‍යාපනික කටයුතු සඳහා ආර්ථික අපහසුතා සහිත 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් පිරිනැමෙන ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන – 2024/2025

දිවයිනේ ඇති සෑම පාසලක්ම ආවරණය වන පරිදි අධ්‍යාපනික සහ විෂය සමගාමී ක්‍රියාකාරකම් සඳහා දක්ෂතා දක්වන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් වෙනුවෙන් ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහනක් ගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කිරීමට නියමිත ය. ඒ සඳහා සුදුස්සන් තෝරා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය/ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  • අයදුම් කිරීම සඳහා සුදුසුකම්, 
  • 1 ශ්‍රේණියේ සිට 05 ශ්‍රේණිය දක්වා අභිමත ඉගෙනුම් නිපුණතා මට්ටම 50% හෝ ඊට වැඩි හෝ ශිෂ්‍යයකු/ ශිෂ්‍යායක වීම.

06 ශ්‍රේණයේ සිට 11 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන ශ්‍රේණිවල, 2023 වසරේ දි පැවති අවසාන වාර පරීක්ෂණය අනුව පන්තියේ 1-20 දක්වා ස්ථාන ලබාගත් ශිෂ්‍යයකු/ශිෂ්‍යාවක වීම.

සැ.යු. :- 2024 වර්ෂයේ 1 ශ්‍රේණියට ඇතුළත් වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ 2024 වර්ෂයේ පැවැත්වීමට නියමිත 2023 අ.පො.ස.(සා.පෙළ) විභාගයට පෙනි සිටිමට නියමිත ශිෂ්‍ය/ ශිෂ්‍යාවන්ට මේ සඳහා අයදුම් කළ නොහැකි ය.

  • රජයේ පාසලක ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්/ශිෂ්‍යයාවක් වීම.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවගේ පවුලේ මාසික ආදායම රු.100,000/- නොඉක්මවීම. 
  • මෙම වැඩසටහන දිවයිනේ දැනට ඇති පාසල් 10,126 (2022 වාර්ෂික සංගණන වාර්තාව – අධ්‍යාපන අමාත්‍යාංශය) ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, මේ යටතේ එක් පාසලකට පිරිනැමෙන උපරම ශිෂ්‍යත්ව සංඛ්‍යාව (එක් එක් පාසල්වල ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගෙන) විදුහල්පතිවරු වෙත දන්වා යවා ඇත. එලෙස තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීනට මසකට රු.3,000.00 බැගින් මාස 12 ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරයක් පිරිනමනු ලැබේ.
  • මීට අදාළ අයදුම්පත්‍රය සහ අදාළ උපදෙස් පත්‍රය මේ සමඟ පළ කිරීමට කටයුතු කර ඇති අතර, ඊට සමගාමිව සියළුම පාසල්වල විදුහල්පතිවරු වෙත දැනුම්දීමට කටයුතු කර ඇත. 
  • අදාළ අයදුම්පත්‍ර 2024.03.20 දින හෝ ඊට පෙර ලබාදී ඇති උපදෙස් අනුව සම්පූර්ණ කර තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති වෙත අතින් පමණක් භාර දීමට කටයුතු කළ යුතු ය.
Top