P R E S I D E N T S F U N D
  • info@presidentsoffice.lk
  • +94 11 2354354
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

හැඳින්විම

ජනාධිපති අරමුදල, 1978 අංක 7 දරන පනතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත වු ආයතනයකි. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාණන්ගේ ධුරයේ කටයුතු වෙනුවෙන් පවත්වන ලද සමාරම්භක උත්සවයකදී පරිත්‍යාගශීලින්ගේ මුල්‍යමය මැදිහත්භාවයකින් රු.237,120/- ක මුලික ප්‍රාග්ධනයකින් ජනාධිපති අරමුදල ආරම්භ කර ඇත. මෙය ජනාධිපතිවරයාගේ අරමුදල නමින් හඳුන්වනු ලබන අතර කළමනාකරණය කරමින් පනතේ විධිවිධානයන්ට අනුව ක්‍රියාකිරීම අතිගරු ජනාධිපතිතුමා වෙත පනත අනුව බලය පැවරේ. රජයේ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව ජනාධිපති අරමුදලේ ගිණුම් විගණනය කරනු ලබන්නේය.

අරමුණු

  • දරිද්‍රතාවයට සහන සැලසීම.
  • අධ්‍යාපනය හෝ ඥානය වර්ධනය කිරීම.
  • ආගම් නංවාලීම සඳහා දායකත්වය ලබා දීම.
  • ජාතිය වෙනුවෙන් සේවයක් කර ඇති තැනැත්තන්ට ප්‍රදානයන් කිරීම.
  • ජනාධිපතිවරයාගේ හා පාලක මණ්ඩලයේ මතය අනුව මහජනතාවගේ සුභ සිද්ධිය උදෙසා කාර්යයන් ඉටුකිරීම.

 

ක්‍රියාකාරකම්

  • විවිධ රෝග සඳහා වෛද්‍යාධාර.
  • ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා දිළිදුකම පිටු දැකීමේ වැඩසටහන.
  • මහපොළ ශිෂ්‍යාධාර අරමුදල.
  • අ.පො.ස(උ.පෙළ) විශිෂ්ඨ ලෙස සමත් වූ දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබා දීම.
  • අ.පො.ස (සා.පෙළ) විශිෂ්ඨ ලෙස සමත් වූ අඩු ආදායම්ලාභී දරුවන් සඳහා උ.පෙළ හැදෑරීමට ශිෂ්‍යාධාර ලබා දීම.
  • ආගමික ප්‍රතිසංස්කරණය කිරීම සහ ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රදාන ලබා දීම.
  • වාර්ෂිකව සංවිධානය කරනු ලබන පෙරහැර සහ වෙනත් සංස්කෘතික කටයුතු සඳහා ආධාර ලබා දීම.
  • පුද්ගලයන් වෙත ප්‍රතිලාභ සැලසීම සඳහා ජනාධිපති අරමුදල නමින් රාජ්‍ය බැංකුවල හා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ පවත්වා ගෙන යනු ලබන ගිණුම්.
  • ජනාධිපතිවරයාගේ සහ මණ්ඩලයේ අභිමතය පරිදි ලබා දෙන ප්‍රතිලාභ.

 

මුල්‍ය ප්‍රභවයන්

  • සංවර්ධන ලොතරැයි මණ්ඩලය.
  • මහජන පරිත්‍යාග.

පාලක මණ්ඩලය

අතිගරු ජනාධිපතිතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු කථානායකතුමා
ගරු විපක්ෂනායකතුමා
ජනාධිපති ලේකම්තුමා
ආචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමි
Top