ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.
එහි මීලග පියවර ලෙස දකුණු පළාතේ ගාල්ල ,මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් 2025.07.05 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහන මඟින්,දකුණු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.
කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් මේවන විට බස්නාහිර හා උතුරු පළාත් වල ක්‍රියාත්මක කර ඇති අතර අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කරනු ඇත.
ජනතාවගේ අරමුදල වූ ජනාධිපති අරමුදල අවශ්‍යම මොහොතේ සහය අවශ්‍ය කලාකරුවන් වෙනුවෙන්ද මූල්‍යාධාර සැපයීමට ඉදිරිපත් වෙයි. ඒ් අනුව ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් මොහිදින් බෙග් මහතාගේ ඉදිරි වෛද්‍ය කටයුතු වෙනුවෙන් මූල්‍ය උපකාරයක් සිදු කිරීම පසුගියදා සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සැපයීම නිල වශයෙන් ආරම්භ කිරීම අද (21) පෙරවරුවේ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී සිදු විය.
ජනාධිපති අරමුදලේ සියලු සේවා කටයුතු බිම් මට්ටම දක්වා විමධ්‍යගත කිරීම සඳහා වන විශේෂ පුහුණු වැඩමුළු මාලාවේ උතුරු පළාත් වැඩමුළුවද මීට සමගාමීව අද (21) දිනය පුරා කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම් කර්යාලයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලින් මහජනතාවට වෛද්‍යාධාර ලබා දීමේ සේවාවෙහි අයදුම්පත් භාර ගැනිම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් සිදු කිරීම පසුගිය පෙබරවාරි 07 වන දා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ සෙසු සේවාද විමධ්‍යගත කිරීමට කටයුතු කර තිබේ.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ අය ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කරන සියලු සේවා සඳහා මාර්ගගත ප්‍රවේශය මහජනතාවට ලැබේ. එනම්, වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් මගින් අයදුම් කිරීමට ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වී ඇත.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීම මෙන්ම කාර්යක්ෂම සේවාවක් සැපයීම මෙයින් අපේක්ෂා කෙරේ. එමෙන්ම, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වේ.
ජනාධිපති අරමුදලේ කාර්යභාරය පිළිබඳව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ මහතා විසින් මෙහිදී පැමිණි සිටි පිරිස දැනුවත් කරන ලදී.
රජයේ ඩිජිටල්කරණ සැලසුමෙහි අංගයක් ලෙස ජනාධිපති අරමුදලේ සියලු සේවා මාර්ගගත ක්‍රමයෙන් සැපයීමේ පරිගණක වැඩසටහන එළිදැක්වීමද මෙහිදී සිදු කෙරිණි.
ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේතනායහන් යන මහත්වරු සහ කිළිනොච්චි දිස්ත්‍රික් ලේකම්, යාපනය දිස්ත්‍රික් ලේකම් ඇතුළු උතුරු පළාතේ රාජ්‍ය නිලධාරිහුද, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරින් සහ ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලයද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් ඉහළ දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් ක්‍රියාත්මක කර තිබෙන අතර එහි සමාරම්භක උත්සවය හෙට (22) කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කිළිනොච්චියේදී පැවැත් වේ.
2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුසලතා දැක් වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
පළාත් අනුව ක්‍රියාත්මක වන එම වැඩසටහනේ පළමු වැඩසටහන හෙට කිළිනොච්චියේදී පැවැත්වෙන අතර, 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයෝ එහිදී ඇගයීමට ලක් කෙරේ.
ඉදිරියේදී අනෙකුත් දිස්ත්‍රික්කවලද එලෙස දක්ෂතා දැක් වූ සිසුන් ඇගයීමට ජනාධිපති අරමුදල කටයුතු සූදානම් කරමින් සිටී.
පසුගිය 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදි දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා දැක් වූ විශිෂ්ටයන් පළාත් මට්ටමින් ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදලෙන් සංවිධානය කර තිබේ.
එහිදී, 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයේදී සෑම විෂය ධාරාවකින්ම විශිෂ්ට කුලසතා දැක්වූ සිසුන් එක් දිස්ත්‍රික්කයකින් 60 දෙනකු බැගින් තෝරා ගෙන ඔවුන්ට මූල්‍ය ශිෂ්‍යත්ව සහ සහතික පත් ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇත.
විභාග දෙපාර්තමේන්තුව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් 2023/2024 විභාගවලට අදාළව නිකුත් කරන ලද ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම විශිෂ්ටයන් තෝරා ගනු ලැබ ඇත.
පළාත් මට්ටමින් ක්‍රියාත්මක වන වැඩසටහනේ පළමු වැඩසටහන ලෙස 2023 වසරේ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ටතා දැක් වූ උතුරු පළාතේ සිසුන් ඇගයිම 2025 ජූනි 22 වන දින කිලිනොච්චියේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව 2023 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් දක්ෂතා දැක්වූ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවල විශිෂ්ටයින් එහිදී ඇගයීමට ලක් කෙරේ.
මේ අතර සෙසු පළාත්වල වැඩසටහන්ද නුදුරේදීම පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරමින් සිටි.
ජනාධිපති අරමුදලින් ජනතාවට සැපයෙන සියලු සේවා මාර්ගගත ක්‍රමයට සැපයීම ජුනි මස 21 වන දා සිට ආරම්භ කෙරේ.
ජනාධිපති අරමුදලින් මහජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීමේ සේවාවට අයදුම්පත් භාර ගැනීම දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම පසුගිය පෙබරවාරි 7 වන දා සිට ඇරඹිණි. මෙම වැඩසටහන ඉතා සාර්ථක ලෙසින් ක්‍රියාත්මක වන බැවින් ජනාධිපති අරමුදලේ අනෙකුත් සේවාද මේ අයුරින් විමධ්‍යගත කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත.
ඒ අනූව දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව ප්‍රදානය, අධ්‍යාපනයෙහි දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ලබා දෙන සහනාධාර, වන අලින්ගෙන් පීඩාවට පත් දරුවන් වෙනුවෙන් ලබා දෙන සහන දීමනාව, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු සහ ආපදා අවස්ථා සඳහා ලබා දෙන සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදල මගින් ක්‍රියාත්මක කරන සියලු වැඩසටහන්හි සේවා සඳහා මහජනතාවට දිවයිනේ ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව ලැබේ.
මෙම වැඩසටහනත් සමඟ වසර 47ක කාලයක් කොළඹට සීමා වී පැවති ජනාධිපති අරමුදලේ සියලු සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම තැනක සිට අයදුම් කිරීමට එහි ප්‍රතිලාභ අවැසි ජනතාවට අවස්ථාව උදා වෙයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක ප්‍රතිඵලයක් ලෙස ජනතාවට මෙම පහසුකම හිමි වන අතර වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබා දීමටද බලාපොරොත්තු වේ. තවද, ජනාධිපති අරමුදල අවභාවිත වීමට ඇති ඉඩකඩද මෙමගින් සීමා වේ.
ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.
එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් 2025.06.21 දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.
කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනාධිපති අරමුදලේ සේවාව අසරණ රෝගීන් වෙනුවෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැපවෙමු – ජනාධිපති ලේකම්
ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවක් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් තවදුරටත් ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබදව ප්‍රායෝගික දැනුම්වත් කිරීමට මෙම විශේෂ පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී රාජ්‍ය සේවකයා සහ මහජනතාව අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සහ එම සබඳතා පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් අදහස් දැක්වීමක් සිදු කරන ලදී.
මීට අමතරව පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය, වෛද්‍යාධාර අයැදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන ඉදිරිපත් කිරීම, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු පරිගණක පද්ධතිය සමඟ පරීක්ෂා කිරීම, අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීම පිළිබඳ ක්‍රියාවලිය සහ පරිගණක පද්ධතිය තුළ කටයුතු කිරීමේදී විෂය භාර නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ප්‍රායෝගික සහ න්‍යායත්මක පුහුණුවක්ද ලබා දෙනු ලැබීය.
ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේය.
එසේම මෙම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද සඳහන් කළේය.
ජනාධිපති අරමුදල වෙත වාර්ෂිකව ලැබෙන මුදල් අසරණ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත්, අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදෙන සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලුදෙනා කැපවී කටයුතු කළයුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනාධිපති අරමුදලේ පරිගණක පද්ධතිය වෙත රෝගීන් විසින් අයැදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් පද්ධතිගත කර ඇති බවත්, ඉන් 40%ක පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු වී ඇති අයැදුම්පත්‍ර බවත් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.
2025. 02.07 වැනි දින ආරම්භ වූ ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීම යටතේ මේ වන විට ලැබෙමින් තිබෙන අයැදුම්පත්වලින් 80%ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන බවත් රෝෂන් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වැඩමුළුවට එක්ව සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් සහ නිලධාරිනියන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන පී. එච්. කොළඹගේ, පී. ආර්. ප්‍රසාද් පෙරේරා, ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ඒ. එම්. වික්‍රමරත්න, ජනාධිපති සහකාර ලේකම් උෂානි රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.
ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.
අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.
Top