ජනාධිපති අරමුදලේ කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන වෛද්‍යාධාර අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගත ක්‍රමවේද (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ.
එහි එක් පියවරක් ලෙස උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරු හා ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහනක් 2025.06.21 දින කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම වැඩසටහන මඟින්, උතුරු පළාතේ ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභීන් ප්‍රමාණය වැඩි කිරීම, ප්‍රතිලාභීන් වෙත ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීම, නවීකරණය වූ මාර්ගගත ක්‍රමවේද හදුන්වා දීම හා වඩාත් කඩිනම් සේවාවන් සැපයීම පිණිස අදාළ දැනුම හා පුහුණුව ලබා දීමට අපේක්ෂිතය.
කොළඹ කේන්ද්‍රීයව සීමිත පිරිසක් සඳහා ප්‍රතිලාභ ලබා දුන් ජනාධිපති අරමුදල රට පුරා වෙසෙන ජනතාව වෙත ප්‍රතිලාභ ලබා දෙන ජනතාවගේ අරමුදලක් ලෙස ක්‍රියාත්මක කිරීම වර්තමාන ජනාධිපතිවරයා ප්රමුඛ පාලක මණ්ඩලයේ මූලික අරමුණක් වී ඇති අතර එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙවැනි පුහුණු වැඩසටහන් අනෙකුත් පළාත්වල ද ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ජනාධිපති අරමුදලේ සේවාව අසරණ රෝගීන් වෙනුවෙන් තවදුරටත් ව්‍යාප්ත කිරීමට කැපවෙමු – ජනාධිපති ලේකම්
ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබඳව බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කළ විශේෂ පුහුණු වැඩමුළුවක් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්විණි.
ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමට අදාළව බස්නාහිර පළාතේ කොළඹ, කළුතර සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂය භාර නිලධාරීන් තවදුරටත් ජනාධිපති අරමුදලේ කටයුතු පිළිබදව ප්‍රායෝගික දැනුම්වත් කිරීමට මෙම විශේෂ පුහුණු වැඩමුළුව සංවිධානය කර තිබිණි.
මෙහිදී රාජ්‍ය සේවකයා සහ මහජනතාව අතර යහපත් සබඳතා ගොඩනඟා ගැනීම සහ එම සබඳතා පවත්වා ගන්නා ආකාරය පිළිබඳ ජනාධිපති මාධ්‍ය උපදේශක චන්දන සූරියබණ්ඩාර මහතා විසින් අදහස් දැක්වීමක් සිදු කරන ලදී.
මීට අමතරව පරිගණක පද්ධතියේ ආරක්ෂාව සහ භාවිතය, වෛද්‍යාධාර අයැදුම්පතක් භාර ගැනීමේ සිට අනුමැතිය දක්වා සිදුවන ක්‍රියාවලිය පිළිබඳ සිදු කෙරෙන ඉදිරිපත් කිරීම, ජනාධිපති අරමුදලේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස භාර නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් එම එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කටයුතු පරිගණක පද්ධතිය සමඟ පරීක්ෂා කිරීම, අනුමත වීමෙන් පසු වෛද්‍යාධාර ගෙවීම පිළිබඳ ක්‍රියාවලිය සහ පරිගණක පද්ධතිය තුළ කටයුතු කිරීමේදී විෂය භාර නිලධාරීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ප්‍රායෝගික සහ න්‍යායත්මක පුහුණුවක්ද ලබා දෙනු ලැබීය.
ජනාධිපති අරමුදලේ ප්‍රධාන අරමුණ සහ පරමාර්ථය අතිශය අසරණ අයට සේවයක් ලබා දීම බවත්, මේ වන විට ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අරමුදලේ සේවාවන් ව්‍යාප්ත කිරීම නිසා වැඩි පිරිසකට පහසුවෙන් සේවාවන් ලබා ගැනීමට හැකි වී ඇති බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පෙන්වා දුන්නේය.
එසේම මෙම සේවාවේ වටිනාකම සියලු රාජ්‍ය නිලධාරින් තේරුම් ගෙන ඇතැයි විශ්වාස කරන බව පැවසූ ජනාධිපති ලේකම්වරයා, ජනතාව වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහාය අවශ්‍ය බවද සඳහන් කළේය.
ජනාධිපති අරමුදල වෙත වාර්ෂිකව ලැබෙන මුදල් අසරණ ජනතාව වෙනුවෙන් ලබා දිය යුතු බවත්, අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදෙන සේවාව තවදුරටත් වර්ධනය කිරීමට සියලුදෙනා කැපවී කටයුතු කළයුතු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජනාධිපති අරමුදලේ පරිගණක පද්ධතිය වෙත රෝගීන් විසින් අයැදුම්පත් දහසකට අධික සංඛ්‍යාවක් පද්ධතිගත කර ඇති බවත්, ඉන් 40%ක පමණ ප්‍රමාණයක් බස්නාහිර පළාතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා යොමු වී ඇති අයැදුම්පත්‍ර බවත් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා මෙහිදී සඳහන් කළේය.
2025. 02.07 වැනි දින ආරම්භ වූ ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීම යටතේ මේ වන විට ලැබෙමින් තිබෙන අයැදුම්පත්වලින් 80%ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලැබෙන බවත් රෝෂන් ගමගේ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙම වැඩමුළුවට එක්ව සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විෂයභාර නිලධාරීන් සහ නිලධාරිනියන් අගයමින් සහතික පත්‍ර පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන පී. එච්. කොළඹගේ, පී. ආර්. ප්‍රසාද් පෙරේරා, ජනාධිපති අරමුදලේ ප්‍රධාන ගණකාධිකාරී ඩී. ඒ. එම්. වික්‍රමරත්න, ජනාධිපති සහකාර ලේකම් උෂානි රත්නායක යන මහත්ම මහත්මීහු ඇතුළු ජනාධිපති අරමුදලේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී පසුගියදා සිදු වූ බස් රථ අනතුරින් ජීවිතක්ෂයට පත් වූ අය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදලින් ලබා දෙන මුදල් මේ වන විට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කරනු ලැබ තිබේ.
ඒ අනුව අනතුරින් මිය ගිය එක් අයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දීම සිදු කෙරෙන අතර එම මුදල් මිය ගිය අයගේ පවුලේ සාමාජිකයන් වෙත භාර දෙනු ඇත.
අනතුරින් මිය ගිය පුද්ගලයන් 22 දෙදෙනා ජීවත්වූ තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, වැලිමඩ, හල්දුම්මුල්ල, ඇල්ල, කුණ්ඩසාලේ, බමුණාකොටුව, පඩුවස්නුවර බටහිර, පොල්පිතිගම, වනාතවිල්ලුව, හලාවත, බුත්තල, තණමල්විල, වැල්ලවාය, කන්තලේ, රඹැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල වෙත මෙම මුදල් නිකුත් කර ඇත.
කොත්මලේ බස්රථ අනතුරින් මියගිය පුද්ගලයින් සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබාදීමට අරමුදලේ සභාපති ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් උපදෙස්.
ජීවිතක්ෂයට පත් පුද්ගලයින් 21දෙනෙකුගේ පවුල් ඒකකවල සුබසාධනය වෙනුවෙන්, එක් පුද්ගලයෙක් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 (රු.1,000,000.00) බැගින් ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට කටයුතු කරමින් පවතී.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය පසුගිය පෙබරවාරි මාසය තුළ ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් වූ වෙබ් අඩවිය දියත් කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 07 වැනි දින සිදු කෙරිණි.
මේ අනුව මෙතෙක් කලක් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා කොළඹ නගරයේ පිහිටි ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලය වෙත සේවාලාභීන් පැමිණිය යුතු වුවත්, නව වෙබ් අඩවිය දියත් කිරීමත් සමඟම සේවාලාභීන්ට තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වේ.
මහජනතාවට මෙය ඉතා වටිනා අවස්ථාවක් වන අතර, තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී ජනාධිපති අරමුදලට අදාල සියලු සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා හිමි වේ. අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම, අඩුපාඩු ලේඛණ සම්පූර්ණ කිරීම, අයදුම්පත්‍රයේ වර්තමාන තත්වය පරීක්ෂා කිරීම මෙන්ම අනුමත වූ වෛද්‍යාධාර ලබා ගැනීම ද මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම සුවිශේෂී කරුණකි.
ඒ අනුව ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීමෙන් අනතුරුව ගෙවීම් සිදු කළ පළමු මාසය වන මාර්තු මාසය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් සැපිරූ 8 දෙනෙකු වෙතත්, ජනාධිපති අරමුදල වෙත පැමිණ අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 13 දෙනෙකු වෙතත් අරමුදල් ලබා දීමට හැකි වී ඇත. ඒ අනුව වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 21 දෙනෙකු වෙත රුපියල් මිලියන 05කට අධික මුදලක් ලබා දීමට හැකි වී ඇත.
එසේම අප්‍රේල් මාසය තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් සැපිරූ 59 දෙනෙකු වෙතත්, ජනාධිපති අරමුදල වෙත පැමිණ අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 45 දෙනෙකු වෙතත් අරමුදල් ලබා දී ඇති අතර, ඒ අනුව වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 104 දෙනෙකු වෙත රුපියල් මිලියන 25කට අධික මුදලක් ලබා දී ඇත.
ඒ අනුව මෙම විමධ්‍යගත වැඩපිළිවෙල ඔස්සේ ජනාධිපති අරමුදල ජනතාව වෙත තව තවත් සමීප කරමින්, වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීම වඩාත් පුළුල් කර ඇති අතර එමඟින් ප්‍රතිලාන් සංඛ්‍යාව ඉහළ නැංවීම ජනාධිපති අරමුදලේ අපේක්ෂාවයි.
මෙම නව වැඩසටහන හරහා ඉදිරියේදී ජනාධිපති අරමුදල වෙතින් වෛද්‍යාධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාම සිදු වන අතර මෙම වැඩසටහන යටතේ වෛද්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා කරන යම් අයෙකු වේ නම් ඔබට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වීමෙන් අදාළ කාර්යය ඉතා කඩිනමින් සිදු කර ගත හැකි වේ.
වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ, දේපළ හෝ වගා හානි වූ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා දිරිගැන්වීමක් ලෙස මූල්‍යාධාරයක් ලබාදීමට ජනාධිපති අරමුදල මගින් අපේක්ෂා කෙරේ.
ඒ සඳහා සුදුසු දරුවන් තෝරා ගැනීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කෙරෙන අතර, ඊට අදාළ සුදුසුකම් පහත පරිදි වේ.
• වන අලි ගම් වැදීම හේතුවෙන් ජීවිත හානි වූ, තුවාල ලැබූ පුද්ගලයෙකු අයත් පවුල් ඒකකයක් වීම
• වන අලි ගම් වැදීම හේතුවෙන් දේපල හානි / වගා හානි සිදු වූ පවුල් ඒකකයක් වීම
• ප්‍රාදේශීය ලේකම්ගේ නිරීක්ෂණය අනුව ආධාරයක් ලැබීමට සුදුසු පවුල් ඒකකයක් වීම
• 1 ශ්‍රේණිය සිට අ. පො. ස. සාමාන්‍ය පෙළ දක්වා හෝ අ. පො. ස. උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් සිටින පවුල් ඒකකයක් වීම
• 2025.01.01 දින හෝ එම දිනෙන් පසු දිනකදී අලි ගම් වැදීම හේතුවෙන් පීඩාවට පත්වූ පවුල් ඒකකයක් වීම
• දැනටමත් ජනාධිපති අරමුදල විසින් ක්‍රියාත්මක කර ඇති අ.පො.ස. උසස් පෙළ ශිෂ්‍යත්ව වැඩසටහනෙහි ප්‍රතිලාභී දරුවෙක් නොවීම
මේ සඳහා අයදුම් කිරීමට පහත සබැඳිය ඔස්සේ අදාල අයදුම්පත්‍රය පුරවා ග්‍රාම නිලධාරී හරහා ප්‍රාදේශීය ලේකම් වෙත භාර දෙන්න.
අයදුම්පත්‍රය බාගත කරන්න – මෙහි Click කරන්න
වැඩි විස්තර සඳහා පහත සබැඳින් භාවිත කරන්න
දුරකතන – 0112354354
විද්‍යුත් – prefund@presidentsoffice.lk
වෙබ් අඩවිය – www.presidentsfund.gov.lk
ලිපිනය – ලේකම්, ජනාධිපති අරමුදල, ස්ටෑන්ඩඩ් චර්ටඩ් ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01.
ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීමෙන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පළමු ගෙවීම් කටයුතු හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 499 ජල්තර ග්‍රාම නිලධාරි වසමේ වෛද්‍යාධාරලාභියා වෙත ලබාදීම 2025.03.28 දින හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු විය.
ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට අදාලව වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම දැන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ව්‍යාප්ත කර ඇති අතර,එමඟින් ජනතාවට වඩාත් පහසු ආකාරයෙන් ජනාධිපති අරමුදලේ සේවාවත් ලබාගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
වැඩිදුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න – www.presdntsfund.gov.lk
ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමෙන් පසු රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ජනාධිපති වෛද්‍යාධාර ගෙවීම 2025.03.27 දින සිදු කෙරිණි. මෙහිදී අදාල වෛද්‍යාධාරලාභියාගේ නිවසටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් ගොස් අදාල වෛද්‍යාධාරය ලබා දීම සිදු කෙරිණි.
ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට අදාලව වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම දැන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ව්‍යාප්ත කර ඇති අතර,එමඟින් ජනතාවට වඩාත් පහසු ආකාරයෙන් ජනාධිපති අරමුදලේ සේවාවත් ලබාගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.
වැඩිදුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න – www.presdntsfund.gov.lk
ජනතාවට වඩාත් සුවපහසු සේවාවක් කිරීමේ අරමුණින් ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කර ඇත. ඒ් අනුව දැන් සියලු දෙනාට ජනාධිපති අරමුදල වෙත අයදුම් කිරීම ඇතුළු සියලු සේවාවන් තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඉටු කර ගත හැක.
මේ සම්බන්ධයෙන් තොරතුරු අපගේ සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් යාවත්කාලීන කරන අතර, ඔබට අවශ්‍ය වැඩිදුර තොරතුරු සඳහා පහත සබැඳි හරහා ලබා ගත හැක.
තැපෑල මඟින් – ලේකම්, ජනාධිපති අරමුදල, ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් ගොඩනැගිල්ල, ජනාධිපති මාවත, කොළඹ 01.
විද්‍යුත් මඟින් – prefund@presidentsoffice.lk
WhatsApp – 0740854527
Web – https://www.presidentsfund.gov.lk/
Facebook – https://www.facebook.com/president.fund
ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට අදාලව නව පද්ධතිය හඳුන්වා දීමෙන් පසු සිදු කළ පළමු වෛද්‍යාධාර ගෙවීම අද දින (2025.03.14) සිදු කෙරිණි.
ජනාධිපති අරමුදල මඟින් සිදු කරනු ලබන වෛද්‍යාධාර ලබාදීමේ කාර්යය 2025.02.07 වන දින සිට ප්‍රාදේශීය මට්ටමින් විමධ්‍යගත කළ අතර, එහිදී මහජනතාවට තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා අයදුම්කිරීමේ අවස්ථාව උදා කර දෙනු ලැබිණි.
ඒ් අනුව 205.02.21 වන දින මාතර දිස්ත්‍රික්කයේ පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් පද්ධතියට ඇතුළත් කරන ලද අයදුම්පත්‍රයට අදාල ගෙවීම් අද දින පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් විසින් සිදු කෙරිණි.
Top