ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලිය පසුගිය පෙබරවාරි මාසය තුළ ආරම්භ කළ අතර, ඒ වෙනුවෙන් වූ වෙබ් අඩවිය දියත් කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය පෙබරවාරි 07 වැනි දින සිදු කෙරිණි.
මේ අනුව මෙතෙක් කලක් වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා කොළඹ නගරයේ පිහිටි ජනාධිපති අරමුදලේ ප්‍රධාන කාර්යාලය වෙත සේවාලාභීන් පැමිණිය යුතු වුවත්, නව වෙබ් අඩවිය දියත් කිරීමත් සමඟම සේවාලාභීන්ට තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වේ.
මහජනතාවට මෙය ඉතා වටිනා අවස්ථාවක් වන අතර, තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වී ජනාධිපති අරමුදලට අදාල සියලු සේවාවන් ලබා ගැනීමේ අවස්ථාව මේ හරහා හිමි වේ. අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම, අඩුපාඩු ලේඛණ සම්පූර්ණ කිරීම, අයදුම්පත්‍රයේ වර්තමාන තත්වය පරීක්ෂා කිරීම මෙන්ම අනුමත වූ වෛද්‍යාධාර ලබා ගැනීම ද මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කිරීම සුවිශේෂී කරුණකි.
ඒ අනුව ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත විමධ්‍යගත කිරීමෙන් අනතුරුව ගෙවීම් සිදු කළ පළමු මාසය වන මාර්තු මාසය තුළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් සැපිරූ 8 දෙනෙකු වෙතත්, ජනාධිපති අරමුදල වෙත පැමිණ අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 13 දෙනෙකු වෙතත් අරමුදල් ලබා දීමට හැකි වී ඇත. ඒ අනුව වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 21 දෙනෙකු වෙත රුපියල් මිලියන 05කට අධික මුදලක් ලබා දීමට හැකි වී ඇත.
එසේම අප්‍රේල් මාසය තුළදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් සැපිරූ 59 දෙනෙකු වෙතත්, ජනාධිපති අරමුදල වෙත පැමිණ අයදුම්කළ අයදුම්කරුවන් අතුරින් සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 45 දෙනෙකු වෙතත් අරමුදල් ලබා දී ඇති අතර, ඒ අනුව වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 104 දෙනෙකු වෙත රුපියල් මිලියන 25කට අධික මුදලක් ලබා දී ඇත.
ඒ අනුව මෙම විමධ්‍යගත වැඩපිළිවෙල ඔස්සේ ජනාධිපති අරමුදල ජනතාව වෙත තව තවත් සමීප කරමින්, වෛද්‍යාධාර ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ජනතාව වෙත වෛද්‍යාධාර ලබා දීම වඩාත් පුළුල් කර ඇති අතර එමඟින් ප්‍රතිලාන් සංඛ්‍යාව ඉහළ නැංවීම ජනාධිපති අරමුදලේ අපේක්ෂාවයි.
මෙම නව වැඩසටහන හරහා ඉදිරියේදී ජනාධිපති අරමුදල වෙතින් වෛද්‍යාධාර ලබා දීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහාම සිදු වන අතර මෙම වැඩසටහන යටතේ වෛද්‍යාධාර ලබා ගැනීමට අපේක්ෂා කරන යම් අයෙකු වේ නම් ඔබට අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වීමෙන් අදාළ කාර්යය ඉතා කඩිනමින් සිදු කර ගත හැකි වේ.