P R E S I D E N T S F U N D
  • prefund@presidentsoffice.lk
  • +94 11 4354250
සමාජ සබැඳි :
සමාජ සබැඳි :

අරමුදලේ සේවාවන් ගමට – ඇලපාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමෙන් පසු රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රථම ජනාධිපති වෛද්‍යාධාර ගෙවීම 2025.03.27 දින සිදු කෙරිණි. මෙහිදී අදාල වෛද්‍යාධාරලාභියාගේ නිවසටම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන් ගොස් අදාල වෛද්‍යාධාරය ලබා දීම සිදු කෙරිණි.

ජනාධිපති අරමුදල විමධ්‍යගත කිරීමේ ක්‍රියාවලියට අදාලව වෛද්‍යාධාර ලබා ගැනීම සඳහා අයදුම්පත්‍ර ඉදිරිපත් කිරීම දැන් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා ව්‍යාප්ත කර ඇති අතර,එමඟින් ජනතාවට වඩාත් පහසු ආකාරයෙන් ජනාධිපති අරමුදලේ සේවාවත් ලබාගැනීමේ අවස්ථාව උදා කර දී ඇත.

වැඩිදුර තොරතුරු සඳහා අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න – www.presdntsfund.gov.lk

Top