ප්‍රශ්න හා පිළිතුරු
ප්‍රශ්න
රෝගියා ඉල්ලුම්කරු විය යුත්තේද ?
නැත. රෝගියා වෙනුවෙන් පවුලේ සාමාජිකයෙකුට ඉල්ලුම් කළ හැක. පවුලේ වෙනත් සාමාජිකයෙකු නොමැති නම් සමීප ඥතියෙකුට ඉල්ලුම් කල හැකිය.
අරමුදල් සඳහා ඉල්ලුම් කිරීමට අයදුම්පතක් ලබාගත හැක්කේ කෙසේද ?
- ජනාධිපති අරමුදලේ වෙබ් අඩවිය මගින් (www.presidentsfund.gov.lk )
- ජනාධිපති අරමුදල් කාර්යාලයට පැමිණ
- තැපැල් මගින් ලබා ගත හැක (ජනාධිපති අරමුදල් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් යොමු කිරීමෙන්)
සැත්කම / ප්‍රතිකාරය සිදු කිරීමට පෙර ලියාපදිංචි කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි මොනවාද ?
- සම්පුර්ණ කරන ලද අයදුම්පත
- විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශිත ලිපිය
- රෝහල් ගාස්තුවට අදාළ ඇස්තමේන්තුව (දණහිස්/උකුල් ආදිය සඳහා එකී උපකරණ සපයන ආයතනයේ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කල යුතුය.)
- රෝගියාගේ හෝ ඉල්ලුම්කරුගේ ඉල්ලීම
ජනාධිපති අරමුදලේ කාර්යාලය පිහිටා ඇත්තේ කොහේද ?
කාර්යාලය කොළඹ කොටුවේ පිහිටා ඇත. (වැඩි විස්තර සඳහා වෙබ්අඩවියේ මාර්ග සිතියම බලන්න)
ජනාධිපති අරමුදලට පැමිණිය යුතු වේලාව කුමක්ද ?
සතියේ වැඩ කරන ඕනෑම දිනයක පෙ.ව. 8.30 ත් ප.ව. 4.15 ත් අතර
සැත්කමකින් පසුව අයදුම් කරන්නේ කෙසේද ?
සැත්කම/ප්‍රතිකාරය සිදුකර ගෙන රෝහලෙන් බැහැරවු දින සිට දින 60 ක් ඇතුළත ඉල්ලීම ඉදිරිපත් කළ යුතුය. (සතිඅන්ත දින හා රජයේ නිවාඩු දිනයන් ද ඇතුළුව)
සැත්කම / ප්‍රතිකාරය සිදු කිරීමෙන් පසුව අයදුම් කිරීම සදහා අවශ්‍ය ලියකියවිලි මොනවාද ?
- විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය
- සම්පුර්ණ කරන ලද අයදුම්පත
- රෝහලෙන් නිකුත් කරන ලද අවසාන බිල්පත් හා මුදල් ගෙවු කුවිතාන්සිවල මුල් පිටපත්
- රෝග නිශ්චය සටහනේ ඡායා පිටපතක්
- වෛද්‍යවරයාගෙන් සහ රෝහලෙන් ලබා ගත් ලිපි
සැත්කම / ප්‍රතිකාරය සිදු කිරීමෙන් පසුව අයදුම් කළවිට චෙක්පත නිකුත් කරනු ලබන්නේ කාගේ නමින්ද ? අයදුම්කරුගේ නමින් ද ? රෝගියාගේ නමින් ද?
චෙක්පත රෝගියාගේ නමින් නිකුත් කරනු ලබන අතර එය ලියාපදිංචි තැපෑලෙන් රෝගියාගේ ලිපිනයට තැපැල් කරනු ලැබේ.
ඕනෑම සැත්කමක් හෝ ප්‍රතිකාරයක් සඳහා ජනාධිපති අරමුදලෙන් ආධාර ඉල්ලා සිටිය හැකි ද?
නොහැකිය. මුල්‍යාධාර ලබාදෙනුයේ ප්‍රධාන වශයෙන් පහත සඳහන් රෝග සඳහාය. [ මූල්‍යාධාර ලබාදෙනු ලබන රෝග ]
- හදවත් සැත්කම් (Heart Surgeries)
- වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් හෝ රුධිර කාන්දුකරණය (Kidney Transplantation or Dialysis)
- මොළයේ සැත්කම් (Brain Surgeries)
- පිළිකා ප්‍රතිකාර (Cancer Treatment/drugs/Injections)
- ඇට මිදුළු බද්ධ කිරීම (Bone Marrow Transplantation)
- උකුල් /දණහිස්/උරහිස් සහ වැලමිට සන්ධි බද්ධ කිරීම් (Hip/Knee/Shoulder/Elbow Replacements)
- කර්ණ සංඛ බද්ධ කිරීමේ සැත්කම (Cochlear Implant surgery)
- කොඳු ඇට පෙළ විකෘති වීම (පැතිකුදය) නිවැරැදි කිරීම (Scoliosis)
- කොඳු ඇට පෙළ තෙරපුම සඳහා (Spinal Cord Compression)
- කෘතිම පාද/අත් මිළදී ගැනීම සඳහා (Artificial Limb prosthesis)
- තැලසීමියා රෝගීන්ට (ආසේවන පොම්පය මිළදී ගැනීමට) (Infusion Pump)
- අක්මා බද්ධ කිරීම (Liver Transplant)
- අක්ෂි සැත්කම් (විදේශීය රෝහල් සඳහා) Eye Surgery (Foreign Hospitals)
- අක්මාව තුල හටගන්නා පිළිකා තත්ත්වය මර්ධනය කිරීම සඳහා ප්‍රතිකාර (Trans Arterial Chemoembolization-(TACE))
- පෙනහළු අකර්මන්‍යතා සඳහා ස්වසන උපකරණ ලබාදීම. (Respiratory Equipment)
රෝහලට දෙනු ලබන වගකීමේ ලිපිය නිකුත් කරනු ලබන්නේ කුමන අවස්ථාවේදීද ?
සැත්කම/ප්‍රතිකාර සිදුකර ගැනීමට පෙර ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ අනුමැතිය ලද හොත් රෝහලට ඇතුලත්වීමේ ස්ථිර දිනය ජනාධිපති අරමුදලට ඉදිරිපත් කිරීමෙන් පසු වගකීමේ ලිපිය, රෝහලට හෝ උපකරණ ලබා ගන්නා ආයතනය වෙත ලබා දෙනු ලැබේ.
පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා වගකීමේ ලිපිය රෝහලට ඇතුලත් වීමට දින 30කට පෙරද, අනෙකුත් රෝගීන්ගේ සැත්කමට දින 14 ක් ඇතුළත වගකීමේ ලිපිය ලබා ගත හැක.
රෝගියා විසින් අත්සන් තබන ලද වවුචරය ලැබීමෙන් අනතුරුව ගෙවීම් කිරීමට ගතවිය හැකි කාලය කොපමණද?
චෙක්පත නිකුත් කරනු ලබන්නේ පොරොත්තු ලේඛණයේ සිටින රෝගීන් අනුපිළිවෙල පදනම් කරගෙනය. කෙසේ වෙතත් මෙම කාල පරිච්ඡේදය සති දෙකක් පමණ විය හැකිය.
යම් හෙයකින් රෝගියා මියගියහොත් / අකර්මන්‍ය වුවහොත් චෙක්පත ලැබෙන්නේ කා හටද?
ප්‍රාදේශීය/දිස්ත්‍රික් ලේකම්වරයාගෙන් නිර්දේශ සහිත සවිස්තර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව තීරණයකට එළඹෙනු ඇත.