කොන්දේසි හා නියමයන්

කොන්දේසි හා නියමයන්

පහත සදහන් කොන්දේසි හා නියමයන් සපුරන ශ්‍රී ලාංකීය පුරවැසියන්හට පමණක් මුල්‍යාධාර සදහා අයදුම් කළ හැක. / ලබා ගත හැක.

  1. සැත්කම/ප්‍රතිකාරය සිදුකර රෝහලෙන් පිට වු දින සිට දින 60 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කිරීම (සති අන්ත හා රජයේ නිවාඩු දිනයන්ද ඇතුළුව). 2022.06.15 දින සිට ඉදිරියට ජනාධිපති අරමුදල වෙත භාර ගන්නා අයදුම්පත් සඳහා පමණක් මෙම සීමාව වෙනස්වීම බලපැවැත්වේ.
  2. රෝගියා,කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ මාසික ආදායම් සීමාව රු. 150,000/- නොඉක්මවීම. (2019.10.18 දින සිට ඉදිරියට ජනාධිපති අරමුදල වෙත භාර ගන්නා අයදුම්පත් සඳහා පමණක් මෙම සීමාව වෙනස්වීම බලපැවැත්වේ.)
  3. රෝගියා,කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයෙක් ආදායම් බදු නොගෙවීම
  4. සැත්කම/ප්‍රතිකාරය සඳහා වැයවන මුළු වියදමෙන් 50% ක මුදලක් වෙනත් කවර හෝ ආයතනයකින් ලබා ගැනීමට සුදුසුකම් ලබා නොතිබීම (රක්ෂණාවරණයකින්/වෛද්‍යාධාර ක්‍රමයකින්/සුභසාධන ක්‍රමයකින්)
  5. අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබා නොතිබීම (2016.01.01 දිනෙන් පසු විශ්‍රාම ලබන විශ්‍රාමිකයන්ටද අදාළ වේ.)
  6. ප්‍රා‍දේශීය ලේකම්වරයාගේ නිර්දේශය ලැබීම
  7. සැත්කම/ප්‍රතිකාරය සඳහා යන වියදම දරාගැනීමට ප්‍රමාණවත් මුල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම
  8. අදාළ සැත්කම/ප්‍රතිකාරය ජනාධිපති අරමුදලේ අනුමත රෝහලකින් සිදුකරවා ගෙන තිබීම
  9. ජනාධිපති අරමුදලේ අනුමත මුල්‍යාධාර ලබාදෙන රෝගයක් වීම
  10. ජනාධිපති අරමුදලේ අනුමත උපරිම මූල්‍යාධාරය ලබා නොතිබීම
  11. අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම