හැඳින්විම

හැඳින්විම

පාලක මණ්ඩලය

අතිගරු ජනාධිපතිතුමා
ගරු අග්‍රාමාත්‍යතුමා
ගරු කථානායකතුමා
ගරු විපක්ෂනායකතුමා
ජනාධිපති ලේකම්තුමා
අතිගරු ජනාධිපතිතුමා විසින් පත්කරනු ලබන සාමාජිකයන් දෙදෙනෙක්

ජනාධිපති අරමුදල, 1978 අංක 7 දරන පනතින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුවේ සම්මත වු ආයතනයකි. එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාණන්ගේ ධුරයේ කටයුතු වෙනුවෙන් පවත්වන ලද සමාරම්භක උත්සවයකදී පරිත්‍යාගශීලින්ගේ මුල්‍යමය මැදිහත්භාවයකින් රු.237,120/- ක මුලික ප්‍රාග්ධනයකින් ජනාධිපති අරමුදල ආරම්භ කර ඇත. මෙය ජනාධිපතිවරයාගේ අරමුදල නමින් හඳුන්වනු ලබන අතර කළමනාකරණය කරමින් පනතේ විධිවිධානයන්ට අනුව ක්‍රියාකිරීම අතිගරු ජනාධිපතිතුමා වෙත පනත අනුව බලය පැවරේ. රජයේ විගණකාධිපතිවරයා විසින් වාර්ෂිකව ජනාධිපති අරමුදලේ ගිණුම් විගණනය කරනු ලබන්නේය.

කාර්යයන්

ශ්‍රී ලාංකික පුරවැසියන්හට ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමත කරන ලද සැත්කම්/ප්‍රතිකාර වෙනුවෙන් වෛද්‍යාධාර ලබාදීම.
අ.පො.ස.(සා/පෙළ) විශිෂ්ට ලෙස සමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට අ.පො.ස.(උ/පෙළ) හැදෑරීම සඳහා ශිෂ්‍යාධාර පිරිනැමීම.

මුල්‍ය ප්‍රභවයන්

සංවර්ධන ලොතරැයි මණ්ඩලය
මහජන පරිත්‍යාග

සංවිධාන ව්‍යුහය