කොන්දේසි හා නියමයන්
පහත සදහන් කොන්දේසි හා නියමයන් සපුරන ශ්‍රී ලාංකීය පුරවැසියන්හට පමණක් මුල්‍යාධාර සදහා අයදුම් කළ හැක.
- අයදුම්පතේ අසත්‍ය තොරතුරු නොසැපයීම
- සැත්කම/ප්‍රතිකාරය සිදුකර රෝහලෙන් පිට වු දින සිට දින 30 ක් ඇතුළත අයදුම්පත ඉදිරිපත් කිරීම (සති අන්ත හා රජයේ නිවාඩු දිනයන්ද ඇතුළුව)
- රෝගියා,කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ මාසික ආදායම් සීමාව රු. 100,000/- නොඉක්මවීම
- රෝගියා,කලත්‍රයා හා අවිවාහක දරුවන් ඇතුළු පවුලේ සාමාජිකයෙක් ආදායම් බදු නොගෙවීම
- සැත්කම/ප්‍රතිකාරය සඳහා යන වියදම දරාගැනීමට ප්‍රමාණවත් මුල්‍ය සම්පත් රෝගියාගේ පවුල සතු නොවීම
- සැත්කම/ප්‍රතිකාරය සඳහා වැයවන මුළු වියදමෙන් 50% ක මුදලක් වෙනත් කවර හෝ ආයතනයකින් ලබා ගැනීමට සුදුසුකම් ලබා නොතිබීම (රක්ෂණාවරණයකින්/වෛද්‍යාධාර ක්‍රමයකින්/සුභසාධන ක්‍රමයකින්)
- අදාළ සැත්කම/ප්‍රතිකාරය ජනාධිපති අරමුදලේ අනුමත රෝහලකින් සිදුකරවා ගෙන තිබීම
- ජනාධිපති අරමුදලේ අනුමත මුල්‍යාධාර ලබාදෙන රෝගයක් වීම